කෝවිඩ් වසන්ගතයත් සමගම වැවිලි ආර්ථිකය නැවතත් සැමගේ අවධානයට නැවතත් ලක්වී ඇත. 1974 සිට මේ දක්වා වැවිලි ආර්ථිකය ගොඩනැගීමට දේශපාලනයෙන් තොරවූ නිපුනතාවය, අවංකභාවය හා ප්‍රඥාවන්තභාවය පදනම් කරගත් විසඳුමක් තවම ලැබී නොමැත. වතුයායක් යනු රටක් තුළ තවත් කුඩා රටක් ලෙස හඳුන්වාදීම නිවැරදිය. රටක් තුළ පැවතෙන අධ්‍යාපනය ,සෞඛ්‍යය ,ආරක්ෂාව හා ආර්ථිකය වැවිලි ක්ෂේත්‍රයට කෙළින්ම බලපාන්නකි. මෙය නේවාසික කර්මාණ්තයක් බැවින් තීරණ ගැනීමේදී මෙම සාධක පිළිබඳ දැනුවත් වීම ඉතාම වැදගත්ය. ආර්ථිකය දියුණු කිරීමට රට වැසියන්ගේ ඒකපුද්ගල ආදායම ඉහළ නැංවිය යුතු වේ. 2025 වන විටවත් ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 10000 ට වඩා වැඩි විය යුතුය. ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා එම ඉලක්කය ඇමරිකානු ඩොලර් 12500 ක් විය යුතු බවත් එය තර්කානුකූලව පැහැදිලිව සාක්ෂි සහිතව විස්තර කර දී ඇති අතර මේ පිළිබඳ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් කටයුතු කරමින් සිටීම ප්‍රසංශනීයවේ. ලංකාවට අවශ්‍යය වන්නේ පිල් බෙදුන දේශපාලනයක් නොව ආර්ථික ඉලක්ක පෙරදැරි කරගත් දේශපාලනයක් බව වසර 71ක් පුරාවට බැටකෑ ශ්‍රී ලාංකිකයන් හොඳින් දනිති. මෙම ඉලක්කය වතුකරයට ද එලෙසම බලපානු ඇත.
එහෙත් සමහර කොටස් ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට අනුව වතුකම්කරුවන් දිගින් දිගට කම්කරුවන් ලෙසටම රඳවාගැනීමට සැලසුම් කිරීම කණගාටුවට කරුණකි.මෙය වර්ථමාන පාලකයන්ගේ අවධානයට ලක්විය යුතුමය. එසේ නොවුනහොත් වතුකරයේ අවසානය වැඩි ඈතක නොවනු ඇත.
වැවිලි ක්ෂේත්‍රයේ ආර්ථිකය ශක්තිමත් කරලීමට එහි ඇති සම්පත් උපායශීලීව භාවිතා කළ යුතුය. මේ සඳහා යම් යම් වැවිලි සමාගම් සෘජුවම දායක වුවද සමහර වැවිලි සමාගම් වල සැලසුම් කිරීම් හා සේවක පරිපාලනය තවදුරටත් ශක්තිමත් කළ යුතුවේ.
දැනට පවතින වැවිලි භෝග පරම්පරා පහකට අධික කාලයක් එකම භූමියේ වගාකළ වැවිලි භෝග වේ. ඒ අතරම වැවිලි ක්ෂේත්‍රය තුළ දරුණු කම්කරු ඌණතාවයක් ද ඇති බවට 2017 ජාතික කම්කරු ඉල්ලුම් පිළිබඳ ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලිවේ.
මේ අනුව තවදුරටත් සේවකයන් රඳවා ගැනීමටත් ඔවුන්ගේ මිලියන 1.5 පමණ වන ප්‍රජාවටත් මූලික පහසුකම් ලබා දීම සඳහා ( නමුත් ශ්‍රමිකයන් ඇත්තේ ලක්ෂ එකහමාරක් පමණි ) වැඩි ප්‍රතිලාභ සහිත වගාවන් ආරම්භ කළ යුතුය.
කටුපොල් හෙවත් රට පොල් එයට උදාහරණයකි. මෙම භෝගය ශ්‍රී ලංකාවේ අද ඊයේ වගා කළ භෝගයක් නොවේ. එය පටන්ගෙන දැනට වසර 60 ට වඩා වැඩිවේ. නමුත් යම් පරිසරවේදීන් යැයි කියාගන්නා කුඩා කණ්ඩායමක් ඔවුන්ටම ආවේණික වූ න්‍යායපත්‍රයක් තුළ මෙම වගාව විනාශ කිරීමට දේශපාලනිකව කටයුතු කරමින් පවතී. මේ සඳහා ඔවුන් උපක්‍රමිකව භාවිතා කරන්නේ නූගත් ජනතාව බියට පත් කිරීමය. අධිකරණය හරහා එවැනි විසඳුමක් ලබා ගැනනීමට ඔවුන් කටයුතු නොකරති. මේ සඳහා මූලිකතත්වය ගෙන කටයුතු කරන්නේ ජනතාවට සේවයක් නොකරන ලද දේශපාලුවන් පිරිසකි. ඔවුන්ගේ එකම උපායශීලීත්වය මේ සඳහා නායකත්වය දරමින් ජනතා වීරයන් බවට පත්වී ඉදිරි මැතිවරණයේදී සියළු වරප්‍රසාද ලබා ගෙන නැවතත් පාර්ලිමේන්තුවට තේරීපත් වීමය. එවිට රටවැසියන්ට කුමක් වුවත් ඔවුනගේ ඒකපුද්ගල ආදායමනම් ජපානය මෙන් ඇමරිකන් ඩොලර් 38000 ට වඩා වැඩි වනු ඇත. මෙම තත්ත්වය වර්ථමාන ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමන් තේරුම් ගෙන විනිවිධ භාවයෙන් යුක්තව කටයුතු කළ යුතු අතර විද්‍යාත්මක විසඳුමක් හරහා ජනතාවට නිවැරදි ආදර්ශයක් ලබා දිය යුතුය. කටුපොල් වලට එරෙහිව ජනතාව පොළඹවන පරිසරවේදීන් යැයි කියාගන්නා කිසිවකුට ඔවුන්ගේ මත විද්‍යාත්මකව ඔප්පු කළ නොහැක.
ලේ වැගිරීමකින් තොර ජනතා අරගලයක් නොමැති බව ඔවුන් ඉතිහාසය පුරාවට ඔප්පු කර ඇති අතර අද අන්ත අසරණබාවයටත් , දේශපාලන නිශ්ඨකාමය ප්‍රදර්ශනය කරමින් සිටින බවටත් වැඩිමනත් සාක්ෂි අවශ්‍යය නැත. බොහෝ කර්මාණ්තශාලාවන් ගිනිතැබූ වතු අධිකාරීන්ගේ හිස ගසා දැමූ ඒ දේශද්‍රෝහීන් පිළිබඳ තවත් මතක් කර දිය යුතු නැත.
කටුපොල් වගාව රටට අහිත කර බවත් ඒවා පිටරටින් මෙරටට ගෙනා භොගයන් බැවින් අපේ රටට සුදුසු නොවන බවත් ඔවුන් පවසන්නේ සියල්ලන්ම මුලා කරමිනි. අපේ රටේ ප්‍රධාන ආර්ථික භෝග වන තේ, රබර් හා කටුපොල් ලංකාවට ආවේණික වගා නොවේ. එහෙත් මෙම තත්ත්වය ලංකාවට පමණක් බලපාන කරුණු නොවන අතර වැවිලි ආර්ථිකයට සම්බන්ධ වූ සියළුම රටවලට පොදු ධර්මතාවයකි.
ලංකාවේ කටුපොල් වගා කරන ප්‍රදේශවල වාර්ෂික වර්ෂාපතනය මි.මි.3000 ඉක්මවයි. නමුත් මෙම කණ්ඩායම දක්වා සිටින්නේ කටුපොල් වගාව තුළින් ජල උල්පත් සිඳීයාමත් මිනිසාට අහිතකර පරිසර තත්ත්ව ඇතිවීමත්, පස් නිසරු වීමත්, පසට අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු වීමත්, පරිසර කාන්තාර බවට පත්වීමත්, මෙම තෙල් ආහාරයට ගැනීම නිසා සෞඛ්‍යට තර්ජනයක් වන බවත් සහ පාම් තෙල් පරිභෝජනයෙන් දරුවන්ගේ ආයුකාලය අඩුවන බවත් වැනි ගල් පැලෙන බොරු තොගගණනින්ය. සමහර දේශපාලන ගැත්තන්ටත් මේවා නූගත් සමාජයක ප්‍රචලිත කිරීම ඉතා පහසු කාර්යයකි.
රටක නායකත්වය කළ යුත්තේ කිසිම වගවිභාගයකින් තොර ජනතාවගේ තුනෙන් දෙකක ඡන්දය බලාපොරොත්තුවෙන් තීරණ ගැනීම නොව විද්‍යාත්මක කරුණු හැදෑරීම තුළින් පමණක් තීරණ ගැනීම.
මේ සඳහා මුලින්ම කළ යුත්තේ වැවිලි අමාත්‍යාංශය කෘෂි විද්‍යාවේදීන්ට අවස්ථාව ලබා දී දේශපාලනික න්‍යායෙන් ඔවුන්ව මුදවා ගැනීමයි.
කටුපොල් සිටුවීම තුළ සමහර වැවිලිකරුවන්ගේ අතින් ද යම් යම් අඩුපාඩු සිදු නොවන බව අප පිළිනොගනිමු. කළයුත්තේ එම අඩුපාඩු සපුරාගැනීමට ජාතික තිරසාර වැවිලි ප්‍රමිතියක් බිහි කිරීමත් ස්ථාපනයෙන් පසු අධීක්ෂණ කොමිසමක් මගින් නිරන්තරව අධීක්ෂණය කිරීමත් විනා වගා තහනම් කර වැවිලි ආර්ථිකය විනාශ කර ආර්ථික ඝාතකයන්ගේ න්‍යායපත්‍රවලට උඩගෙඩි දීම නොවේ.
මේ අතර කටුපොල් වගා කිරීම කුඩාවතුහිමියන්ටත් අවස්ථාවක් ලබාදිය යුත්තේ ශ්‍රම හිඟය ඔවුන්ටත් බලපාන බැවිනි. ලංකාවේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතින බැවින් මෙය වැවිලි ආර්ථිකයට කෙළින්ම බලපාන කරුණකි.
ජනාධිපතිතුමනි, ඔබතුමා දේශපාලඥයෙකු නොවේ. වෘත්තිකයෙකු වන නිසා විද්‍යාත්මකව කරුණු හදාරා තීරණ ගැනීමට පෙළඹෙමින් එම පූර්වාදර්ශය ලබා දීමට උත්සුක වන්නේනම් එය රටට වඩාත් ළුලදායී වනු ඇත.
ගරු අගමැතිතුමන්, වැවිලි කර්මාණ්ත ඇමතිතුමන් මෙහි විද්‍යාත්මක තත්ත්ව පිළිබඳව හොදින් දන්නා නිසා රට විනාශ කළ ජනතාවගේ මළමිනී තුළින් පාර්ලිමේන්තු යාමට උත්සාහ කරන, ජනතාව ගොනාට අන්දවන දේශපාලනික උපක්‍රම වලට නොරුවටෙන්න. දැනටමත් වසර දෙකකින් මෝරා ඇති මෙම පැළ ඉන්දවීමටත් වැවිලි ආර්ථිකය නගාසිටුවීමටත් අනුබල දෙන්න. කුඩාවතු ක්‍රමය වහාම පටන් ගන්න. එහි ප්‍රථිපළු ලැබෙන්නේ ඔබටය. ලංකාවට අවශ්‍යය සියළුම පාරිභෝගික තෙල් මෙරට නිෂ්පාදනය කිරීම තුළ වසරකට රුපියල් බිලියන 30 ක් රටතුළ ඉතිරි කර ගැනීමට හැකි බවත් ඒවා අප රටේ ජනතාව අතර විවිධාකාරයෙන් බෙදීයන බවත් තරයේ සිහිතබා ගන්නනේනම් මැනවි. අප මේ විරුද්ධ වන්නේ අසල්වැසි ඉන්දියවේ ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 20 ක පාරිසරික ගුණාත්මකභාවය සලකා වගාකෙරෙන කටුපොල් භෝගය පිළිබඳවයි. ලංකාවේ කුහක ආර්ථික ඝාතකයන් පෙන්වා දෙන කටුපොල් වලට එරෙහිව බලපාන සියළුම කරුණු අපට වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙන ඉන්දියාවටත් බලපාන බව සිහියට ගන්න. ශ්‍රී ලංකාවේ අවශ්‍යයතාව ඇ.ඩො. 10000 ක මට්ටමට වත් ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම මිස පාට පාට කණ්ණාඩිවලින් සමාජය දෙස බලා තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම නොවේ. ජනතාවනි ප්‍රබුද්ධවන්න ඔබව ඇන්දවීමට ඉඩ නොතබන්න. වර්ථමාන නායකත්වයන්ට විද්‍යාත්මක පූර්වාදර්ශයන් ලබා දීමට සියළුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවාත් ප්‍රාර්ථනා කරමි.
Share this article